දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුව ශ්‍රී ලංකාවේ (වීඩියෝ)

Friday, 09 February 2024 - 14:01

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආර්ථික විශ්ලේෂණ වෙබ් අඩවියක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මෙරට විදුලි ඒකක 100, 200 සහ 300 යනාදි වශයෙන් විදුලි පරිභෝජනය කරන නිවසකින් කොපමණ ගාස්තුවක් අය කරන්නේ ද යන්න පිළිබඳව සමීක්ෂණයක් කර තිබෙනවා.

එම ආයතනය මෙවැනි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ දකුණු ආසියාවේ රටවල පවුල් ඒකකයක් සාමාන්‍යයෙන් ගෙවන විදුලි ගාස්තුවට වඩා තුන් ගුණයකට වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ පවුලක් ගෙවන බවට පබ්ලික් ෆයිනෑන්ස් ඩොට් එල් කේ පළ කරන ලද වාර්තාවක් පදනම ලෙස ගනිමින්.

කෙසේ වෙතත් මෙම සමීක්ෂණයේදී සැපයුම්කරුගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇතත්, සමාජ ආරක්ෂණ බද්ද වැනි රජයේ බදු සැලකිල්ලට ගෙන නැහැ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100ක් පරිභෝජනය කිරීම සදහා නිවාස ඒකකයක් හෙවත් කුටුම්භයක් රුපියල් 5280 ක් වැය කරන අතර, දකුණු ආසියාවේ අනෙකුත් රටවල එලෙස සාමාන්‍යයෙන් ගෙවන ගාස්තුව රුපියල් 2078ක්.

එමෙන්ම, ඒකක 300 ක් පරිභෝජනය කිරීමට රුපියල් 21,860ක ගාස්තුවක් නිවාස ඒකකයකින් අය කෙරෙනවා. එහෙත්, කලාපයේ සෙසු රටවල එම ගාස්තුව රුපියල් 7340 ක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කෙරෙන රට ශ්‍රී ලංකාව වන අතර දෙවනුව කලාපයේ වැඩිම විදුලි ගාස්තුවක් අය කෙරෙන්නේ පකිස්ථානයේ බව සදහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඒකක 100ක විදුලි පරිභෝජනයක් සහිත නිවසකින් අය කෙරෙන ගාස්තුව පකිස්ථානයට වඩා සියයට 50 කින් වැඩි බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉල්ලා සිටියේ මේ පිලිබද රජයේ අවධානය යොමුකරන ලෙසයි.

යෝජිත සියයට 4ක විදුලි ගාස්තුව අඩු කිරීම පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ජනතාවට දැනෙන විදුලිය අඩු කිරීමක් සිදුකරන ලෙස විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories