ආර්ථික විශ්ලේෂණ වෙබ් අඩවියක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මෙරට විදුලි ඒකක 100, 200 සහ 300 යනාදි වශයෙන් විදුලි පරිභෝජනය කරන නිවසකින් කොපමණ ගාස්තුවක් අය කරන්නේ ද යන්න පිළිබඳව සමීක්ෂණයක් කර තිබෙනවා.
එම ආයතනය මෙවැනි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ දකුණු ආසියාවේ රටවල පවුල් ඒකකයක් සාමාන්‍යයෙන් ගෙවන විදුලි ගාස්තුවට වඩා තුන් ගුණයකට වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ පවුලක් ගෙවන බවට පබ්ලික් ෆයිනෑන්ස් ඩොට් එල් කේ පළ කරන ලද වාර්තාවක් පදනම ලෙස ගනිමින්.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණයේදී සැපයුම්කරුගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇතත්, සමාජ ආරක්ෂණ බද්ද වැනි රජයේ බදු සැලකිල්ලට ගෙන නැහැ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100ක් පරිභෝජනය කිරීම සදහා නිවාස ඒකකයක් හෙවත් කුටුම්භයක් රුපියල් 5280 ක් වැය කරන අතර, දකුණු ආසියාවේ අනෙකුත් රටවල එලෙස සාමාන්‍යයෙන් ගෙවන ගාස්තුව රුපියල් 2078ක්.
එමෙන්ම, ඒකක 300 ක් පරිභෝජනය කිරීමට රුපියල් 21,860ක ගාස්තුවක් නිවාස ඒකකයකින් අය කෙරෙනවා. එහෙත්, කලාපයේ සෙසු රටවල එම ගාස්තුව රුපියල් 7340 ක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කෙරෙන රට ශ්‍රී ලංකාව වන අතර දෙවනුව කලාපයේ වැඩිම විදුලි ගාස්තුවක් අය කෙරෙන්නේ පකිස්ථානයේ බව සදහන්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඒකක 100ක විදුලි පරිභෝජනයක් සහිත නිවසකින් අය කෙරෙන ගාස්තුව පකිස්ථානයට වඩා සියයට 50 කින් වැඩි බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉල්ලා සිටියේ මේ පිලිබද රජයේ අවධානය යොමුකරන ලෙසයි.
යෝජිත සියයට 4ක විදුලි ගාස්තුව අඩු කිරීම පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ජනතාවට දැනෙන විදුලිය අඩු කිරීමක් සිදුකරන ලෙස විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

Latest News
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
04 July 2026
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
Local
04 July 2026
රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි
Local
04 July 2026
රන් මිල තවදුරටත් ඉහළ අගයක
Local
04 July 2026
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
Local
04 July 2026
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026