General12 February 2024

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයඳුම්පත් කැඳවීම හෙට සිට

2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට (13) සිට ලබන (29) දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට හැකියාව පවතිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes