අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 21.9කින් විදුලි ගාස්තු අඩු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ අවම ගාස්තු අඩු වීම ඒකකයකට රුපියල් 4 ක් වනු ඇති.
වැඩිම විදුලි පාරිභෝගිකයින් ප්‍රමාණයක් අයත් වන ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රුපියල් 10කින් අඩු කෙරෙනවා.
මීට අමතරව ආගමික ස්ථානවලට සියයට 33කින්,හෝටල් හා කර්මාන්ත සඳහා සියයට 18කින් මෙන්ම පොදු කාර්යයන් සඳහා සියයට 23කින් වශයෙන් විදුලි ගාස්තු අඩු කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලය අවසන් වරට විදුලි ගාස්තු ඉහළ නංවනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් 18 වැනිදායි.
අනතුරුව මේ වසරේ පෙබරවාරි මාසයේදී එම විදුලි ගාස්තු අඩු කිරීමට නියමිතව තිබුණ ද අවස්ථා කිහිපයකදී විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟත්වයක් නොමැති වීම මත මෙම ගාස්තු අඩු කෙරුණේ මාසයක් ප්‍රමාද වීමෙන් පසුවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව සමස්තයක් ලෙස සියයට 21.9කින් විදුලි ගාස්තු අඩු වනු ඇති.
එහිදී ගෘහස්ථ විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ දැනට ඒකකයක් සඳහා අය කරන රුපියල් 12ක ගාස්තුව රුපියල් 8 දක්වා රුපියල් 4කින් අඩු කර තිබෙනවා.
එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 150 දක්වා රුපියල් 30කින් අඩු කෙරෙනු ඇති.
ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ රුපියල් 30ක්ව පවතින වත්මන් ඒකක ගාස්තුව රුපියල් 20 දක්වා රුපියල් 10කින් අඩු කෙරෙනවා.
එම කාණ්ඩයේ රුපියල් 360ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුවනු ඇති.
පළමු ඒකක 60 කාණ්ඩය සැලකීමේදී දැනට ඒකකයක් සඳහා රුපියල් 38ක් අය කෙරෙන අතර නව සංශෝධනයෙන් එය රුපියල් 25 දක්වා අඩුවනවා.
ඒකක 60ත් 90ත් අතර කාණ්ඩයේ රුපියල් 41ක්ව පවතින වත්මන් ඒකක ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කෙරෙනු ඇති.
එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 400 දක්වා අඩුවනවා.
ඒකක 90ත් 120ත් අතර කාණ්ඩයේ වත්මන් ඒකක ගාස්තුව රුපියල් 59ක් වන නමුත් එය නව සංශෝධනයෙන් රුපියල් 50 දක්වා අඩුවනවා.
එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1180 සිට රුපියල් 1000 දක්වා අඩු වනු ඇති.
ඒකක 120ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 59ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කර තිබෙනවා.
එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1770 සිට රුපියල් 1500 දක්වා අඩු වනු ඇති.
ඒකක 180ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 89ක ගාස්තුව රුපියල් 75 දක්වා අඩු වනවා.
එම කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව අඩු වන්නේ රුපියල් 2360 සිට රුපියල් 2000 දක්වායි.
ලංකා විදුලි බල මණ්ඩලය අවසන් වරට විදුලි ගාස්තු ඉහළ නංවනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් 18 වැනිදායි.
එහිදී 18%කින් විදුලි බිල ඉහළ නැංවූ අතර ඊට එරෙහිව ජනතා උද්ඝෝෂණ ද පැවැත්වුණේ එම විදුලි ගාස්තු දරාගත නොහැකි බව පවසමින්.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය 28 වැනිදා මහජන උපයෝගිතා කොමිසම රැස්වූ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ මාර්තු
පළමුවනදා විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බවයි.
කෙසේ වෙතත් එදිනද ඔවුන් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබා නොදුන් අතර එවන් පසුබිමක අද යළිත් මහජන උපයෝගිතා
කොමිසම රැස්වුණේ විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි.
සාකච්ඡාවෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.
මේ අතර මිල සූත්‍රයට අනුව පසුගිය 01 වැනිදා ඉන්ධන මිල සංශෝධනයක් කළ යුතුව තිබුණ ද එය සිදු නොවූ අතර ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අද දින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට වූ සැකය මත ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවති අතර සහ ඇතැම්
පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව සඳහන් පුවරු ද ප්‍රදර්ශනය කර තිබුණා.


Latest News
සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
Local
25 August 2026
බස් ලලිත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' අධිකරණයට
Local
25 August 2026
රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට
Local
25 August 2026
'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
25 August 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත් කෙරේ
Local
25 August 2026
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026