කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පසුගිය 07 වැනිදා තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක් කෙරුණා.
එහිදී අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට එම නිවසේම පදිංචිව සිටි 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14වනදා දක්වා බන්ධනාගාරගත කිරීමටයි එරට අධිකරණය විසින් නියෝගකරනු ලැබුවේ.
එහිදී එම ඝාතනය සිදුකළා යැයි පැවසෙන සැකකරු සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
මීට වසර 2කට ඉහතදී කැනඩාවට පැමිණ ඇති ඔහු ඉන් මසකට පසු සිය පවුලේ ඥාතින් සමඟ සියලු සබඳතා අවහිර කර ඇති බවයි ඔහුගේ නැන්දනිය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
කැනඩාවේ ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව, දරුවන් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරිමේ මෙම ඛේදජනක පුවත වාර්තා වුණේ පසුගිය 06 වැනිදා රාත්රියේදීයි.
ඝාතනයට ලක්වූ පිරිස අතරට මාස 2ක් වයසැති බිළිඳියක්ද අයත්.
අදාළ සිද්ධියේදී එම පවුලේ පියාද බරපතල තුවාල ලබා තිබූ අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කෙරුණා.
ඒ එම ඝාතන සිදුකර ඇති බවට හඳුනා ගෙන ඇති 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ගේ නැන්දනිය වන කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටින අනුෂා ද සොයිසා කැනඩාවේ මාධ්‍ය වෙත කර ඇති විශේෂ අනාවරණයක් සිදුකරනු ලැබුවා.
“ මේ සිද්ධියත් එක්ක මම පුදුමයට පත්වෙලා ඉන්නේ. මේ මගේ සහෝදරයාගේ වැඩිමහල් පුතා. අවුරුදු 2කට කලින් තමයි එයා කැනඩාවට ආවේ. ඒ ඇවිල්ලා පළමු මාසයේ එයා හිටියේ අපිත් එක්ක. ඊට පස්සේ තමයි එයා ඉගෙනගත්ත ALGONQUIN COLLEGE එකේදී වික්‍රමසිංහ කියන කෙනා හමුවෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නා රූම් මේට්ලා විදියට තමයි හිටියේ. ටික කාලයකට පසු වික්‍රමසිංහට එයාලාගේ පවුලේ අයව ඔටාවාවලට ගෙන්න ගන්න තියෙනවා කියලා ඔවුන් වෙනත් නිවසකට යන නිසා එහෙටත් ෆෙබ්‍රියෝට එන්න කියලා තියෙනවා. ඒ නිසා තමයි එයා එහෙට ගිහින් තියෙන්නේ. එහෙට ගියාට පස්සේ ෆෙබ්‍රියෝ අපිත් එක්ක කිසිම සබඳතාවක් පවත්වාගෙන ගියේ නැහැ. දුරකතන අංක පමණක් නෙවෙයි සියලුම සමාජ මාධ්‍ය ජාලාවලිනුත් අපිව බ්ලොක් කළා."
කැනඩා මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ , ඝාතනය සිදුකළ ෆෙබ්‍රියෝ ද සොයිසාට අමතරව සිද්ධියෙන් මියගිය දෙදරු පියෙකු වන 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයටද සිය නිවසින් කුලී පදනම මත කාමර ලබාදී තිබෙනවා.
තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සමීපතමයින් පිරිසක්ද අදාළ රෝහල වෙත ගොස් තිබෙනවා.
ධනුෂ්කගේ අතක මැඳ ඇගිල්ලක් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බවත් පපුව සහ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල සහ ඇස අසල දරුණු කැපුම් තුවාලයක්ද ඇති බව සුවදුක් විමසීම සඳහා ගිය එම හිතවතුන් පවසනවා.
එහිදී රෝහල්ගතකළ ඔහුගේ සුවදුක් බැලීමට ගිය මිතුරකු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම කළ සැකකරු ගැන ධනුෂ්ක කියූ යමක් සම්බන්ධයෙන් ඔහු සංවේදී කළ බවටයි.
"ඒ කොල්ලා පොඩි එකෙක්..ඒ ගැනත් බලන්න" යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවටයි එම මිතුරා සඳහන් කළේ.
ශ්‍රී ලාංකික සිසුවා උසස් අධ්‍යාපනය හැදැරූ ඔටාවාහි පිහිටි ALGONQUIN COLLEGE උසස් අධ්‍යාපන ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ෆෙබ්‍රියෝ ද සොයිසා 2023 ශීත සෘතු සමයේ තම ආයතනයට ඇතුළත් වී ඇති බවයි.
නමුත් සැප්තැම්බර් මාසයේ සිට ඔහු උසස් අධ්‍යාපන ආයතයනය වෙත පැමිණීම මඟහැර ඇති බවද එම උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
ඒ අනුව එම ඝාතකයා අධ්‍යාපනය හැදැරූ ALGONQUIN COLLEGE හි ප්‍රධාන විධායක නිලධාරී ක්ලෝඩ් බෘෘලේ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඝාතනයට ලක්වූවන්ගේ පවුලේ අයට සිය ශෝකය පළ කර තිබෙනවා.
එමෙන්ම ඝාතකයා සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නම් තම ආයතනය සහය දැක්විමටද සූදානමින් සිටින බවයි එම උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.
මේ අතර ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ඝාතකයාගේ මව සහ පියාගේ පදිංචිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙලිවී නැහැ.
මෙම ඛේදවාචකය හේතුවෙන් ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ ජනතාවද දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර ඔවුන් ඝාතනය සිදුවූ නිවස ඉදිරිපිටට පැමිණ සිය ශෝකය පළ කරමින් සිටිනවා.
එමෙන්ම ඝාතනය සිදුවූ නිවස අවට සිටින නිවැසියන්ට එල්ල වී ඇති කම්පනය අවම කිරීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් විසින් මනෝ උපදේශන වැඩසටහන්ද ආරම්භ කර තිබෙනවා.
මේ අතර කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය විසින් විපතට පත් ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලට ආධාර උපකාර කිරීම සඳහා GOFUND ME ව්‍යාපෘතියක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ සඳහා මේවනවිට අමෙරිකානු ඩොලර් 40,000කට ආසන්න මුදලක් එකතු වී ඇති බවයි එම කොංග්‍රසය පවසන්නේ.
එමෙන්ම ඝාතනයට ලක්වූ උපාධිධාරිනී දිලන්තිකා ඒකනායකගේ සහ ගාමිණී අමරකෝන්ගේ පවුලේ ළඟම ඥාතීන් කිහිපදෙනෙකු අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගී කරවා ගැනීමට එරටට ගෙන්වා ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026