General20 May 2024

උපන්දිනදාම හමුදා වාහනයක ගැටී තරුණ කතක් මරුට

පාපැදියක ගමන් කළ කාන්තාවක් යුද හමුදා වාහනයක ගැටීමෙන් අද (20) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

අදට යෙදුණු ඇගේ 23 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටියදී අය මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

යාපනය අච්චුවේලී, පුතූර්, කනම්බුලියාඩි හන්දියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූ ඇය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කළේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අච්චුවේලී රෝහලේ තබා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා වාහනයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි අච්චුවේලි පොලීසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes