General07 June 2024

ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට

ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ආනයන සීමා ඉවත් කිරීම ගැන වාහන එකලස් කරන්නන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.

යතුරුපැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් මෙසේ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කරනු ලැබුවා.

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes