General09 June 2024

වාහන ආනයනයට රජයෙන් අවසර

ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතන්නට මීට වසර 4 කට‍ පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ සිට පළමුව කාර්මික සහ බර වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

 කාර්මික සහ බර වාහන ආනයනයත් සමග දෙවැනි අධියර යටතේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය කිරීම සඳහා රජය අවධානය යොමුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ.

නිශ්චිත cif අගයක් යටතේ කුඩා මෝටර් රථ ආනයනය තුන්වන පියවර බවත් , සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන ලෙස සිව්වන පියවර අරඹනු ඇත්තේ 2025දී බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes