General28 June 2024

මැතිවරණයට සූදානම් වන්නැයි රජයේ මුද්‍රණාලයට දන්වයි

මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

එළැඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව පසුගිදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බවයි එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනය කළේ.

එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes