General24 July 2024

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කලා.
Related recommendation
Hiru TV News | Programmes