General26 July 2024

පැරිස් ඔලිම්පික් උළෙල අද ඇරඹේ

33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වෙනවා.

එය ලබන මස 11 වනදා දක්වා පැරිස් නුවර - ප්‍රධාන නගර 16 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇති.

රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 32 ක් වෙනුවෙන් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් තරගාවලියට එක් වී තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හයක්.

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේට අද පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙනයෑමේ වගකීම පැවරී ඇති අතර, විරේන් නෙත්තසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන්ම මෙම තරගාවලියේ තරග බිමට පිවිසෙන ක්‍රීඩකයා බවටද පත්වනු ඇති.

ඒ අනුව, හෙට (27) ඔහු අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ පළමු මූලික තරගයට එක්වන අතර, එම තරගය පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes