General10 August 2024

පකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට නිවේදනයක්

දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 30 වැනිදාට පෙර නිදහස් කරන්නැයි පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය විසින් එරට රජයට අවසන් නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය බංග්ලාදේශ රජය පෙරළා දැමීමෙන් පසුව පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයේ තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකියි යන හැඟීමක් ඔවුන්ට දැනී ඇති බව දකින්නට ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් ඉම්රාන් ඛාන්ව නිදහස් නොකරන්නේනම් දැවැන්ත විරෝධතාවක් මේ මස අග ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර තිබෙනවා.

තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් එමගින් පකිස්තානයේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයට බාධාවන් සහ එය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes