International10 August 2024

නීතිය අතට ගත් බංග්ලාදේශ විරෝධතාකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි

බංග්ලාදේශ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවන්ගෙන් ද සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේ ඔවුන්ට සිය ධුරවලින් අස්වන ලෙස බලකරමින් විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටලා ඇති බව සඳහන්.

මේ අතර, අගවිනිසුරුවරයා විසින් සම්පූර්ණ අධිකරණ රැස්වීම් කල්දමා ඇතැයි ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම බංග්ලාදේශ බැංකු ප්‍රධානී අබ්දුර් රූෆ් තලූකේදාර් ඉල්ලා අස් වූ බව ද මාධ්‍ය වාර්තා කරනවා.

රට තුළ ඇති වූ දේශපාලන පෙරළිය මධ්‍යයේ විරෝධතාකරුවන් මහ බැංකු මූලස්ථානයට කඩා වැදී දින කිහිපයකට පසුවයි මෙම ඉල්ලා අස්වීම සිදුවී තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes