General18 August 2024

රුපියල 8.4%කින් වර්ධනයක්

වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.4 කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කලේ අගෝස්තු මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තා අනුව උද්ධමනයද සියයට පහ මට්ටමේ පවතිනු ඇති බවය.

ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්කගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.

මේ අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 328.3 ක් ලෙස සටහන් වීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes