2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා නිල වෙබ් අඩවිය හරහා මුදා හැර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරව නාමයෝජනා පත්‍ර සමග ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.
එහිදී රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වත්කම් ලෙස හෙළි කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස ඔහුට හිමිවන මාසික වැටුප 97,500 ක් ද දීමනා ලෙස 82,191.66 කි. මේ අතර ඔහුගේ බිරිඳ වන කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන, ඇයගේ මාසික වැටුප 576,785.50 කි.
මැණික හා ස්වාරණාභාරණ කේෂ්ත්‍රයේ කර්මාන්තයක් වෙනුවෙන් සිය බිරිඳ ආයෝජනය කර ඇති අතර එහි මාසික වත්කම රුපියල් 665,000 ක් වන අතර බිරිඳට මවගෙන් ලැබුණු 3,900,000 ක් වටිනා ස්වර්ණාභාරණ කට්ටල කිහිපයක් සිය පවුල සතුව ඇති බව එම ප්‍රකාශයේ සඳහන්. මේ අතර 2006 වසරේදී ජිප් රථයක් මිලදී ගෙන ඇති අතර 2013 වසරේදීත් බෙන්ස් මෝටර් රථයක්, 2018 වසරේදී එවැනිම බෙන්ස් මෝටර් රථයක්ද මිලදී ගත් බව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වනවා. එමෙන්ම කුරුණෑගල මල්පොකුණ වත්ත, කොළඹ පදිංචි නිවස සහ රාජගිරිය නාවල පාරේ පිහිටි නිවස සහිත ඉඩම ඔහුට උරුමයෙන් ලැබුණු ඉඩම් බව මෙහි සඳහන් කර තිබෙනවා. එමෙන්ම අවස්ථා දෙකකදී ඔහු රුපියල් 1,850,000 බැඟින් ණය ලබා ගෙන ඇති බව ද වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වනවා.
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව සිය වැටුප් පිළිබඳ තොරුතුරු සටහන් කර නැති අතර, ඔහුගේ බිරිඳ පවත්වාගෙන යන රූපලාවණාගාර ව්‍යාපාරයක් සඳහා රුපියල් 13,768,532.75 ක ආයෝජනයක් කර ඇති බවත් රුපියල් 2,300,000 කට ආසන්න වටිනාකමින් යුතු රන් ආභරණ තමන් සතු බව සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම 1993 වසරේ මිල දී ගත් ඩබල් කැබ් රථයක්,2006 වසරේදී මිලදී ගත් ප්‍රාඩෝ රථයක්, 2011 වසරේදී මිලදී ගත් ටොයෝටා ලැන්ඩ් කෲෂර් රථයක්, 2017 මිලදී ගත් බෙන්ස් රථයක් සම්බන්ධයෙන් ද එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. ඉඩම් පිළිබඳ ඔහු දක්වා ඇත්තේ ඔහු සතුව කහබිලියාවැටිය ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක් ඇති බවය.
මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට මාසිකව රුපියල් 54,285 ක් ද දිමනාව ඇතුළත්ව සිය මාසික ආදායම 202,517.34 ක් වන බවය. එමෙන්ම බිරිඳ රැකියාවක් නොකරන අතර මාලයක්, වළලු දෙකක්, මුදු දෙකක් සහ කරාබු ජෝඩු දෙකක් ඇය සතු බවය. ටොයෝටා වර්ගයේ ඩබල් කැබ් රථයක් සහ මේ වන විට පදිංචි වී සිටින කඩවත වැටහේන වත්ත ඉඩම තමන්ගේ වත්මක් ලෙස ඔහු සිය ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප ලෙස සටහන් කර තිබෙන්නේ රුපියල් 54,285 ක් ද පාර්ලිමේන්තුවේ අමතර දිමනා ලෙස රුපියල් 400,000 ක් ද හිමි වන අතර සිය බිරිඳ රුපියල් 115,000 ක් වශයෙන් මාසික වැටුපක් ලබන බවයි. එමෙන්ම රුපියල් මිලියන 200 ක මුදලක් ණයට ලබා දීමෙන් තමන්ට පොලී වශයෙන් මිලියන 03 ක් හිමි වන බව සිය වත්කම් සටහනේ සඳහන් කර තිබෙනවා. සමාගම් වෙනුවෙන් කර ඇති අයෝජන මඟින් 2020.03.31 වන දිනට රුපියල් මිලියන 39 ක ආදායමක් ලැබි ඇති බව ද තමන්ට අයත් මිලියන 31 ක් අන්සතුව පවතින බව ද එම ප්‍රකාශයේ සඳහන් වනවා. ඔහු සතුව රුපියල් ලක්ෂ 85 ක් වටිනා ස්වර්ණාභාරණ හා මැණික් ඇති අතර රුපියල් ලක්ෂ 142 ක් වටිනා නොකැපු මැණික් සංචිතයක් තමන් සතු බව එම ප්‍රකාශයේ සඳහන්. එමෙන්ම බිරිඳට අයත් බව කියන රන් භාණ්ඩවල වටිනාකම 138,000,000 (දහතුන්කෝටි අසු ලක්ෂයක් )කි. මෝටර් රථයක් සහ ලැන්ඩ් කෲෂර් වර්ගයේ ජිප් රථයක් බිරිඳට දායාද ලෙස ලැබුණු ජිප් රථ දෙකක විස්තර ද නාමල් රාජපක්ෂ සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ සටහන් කර තිබෙනවා.
මව්බිම ජනතා පක්ෂයයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ සිය වත්කම් ප්‍රකාශ කර ඇත්තේ One Gall face හි සුඛෝපභෝගි මහල් නිවාසයක් මිලදී ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ සන්තකයේ ස්වර්ණාභරණ මිලියන 30 ක් ඇති බව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කර තිබෙනවා.
මව්බිම ජනතා පක්ෂයයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ සිය වත්කම් ප්‍රකාශ කර ඇත්තේ One Gall face හි සුඛෝපභෝගි මහල් නිවාසයක් මිලදී ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ සන්තකයේ ස්වර්ණාභරණ මිලියන 30 ක් ඇති බව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ මාසික ආදායම් වැඩිම ආදායම්
- මව්බිම ජනතා පක්ෂය දිලිත් ජයවීර 16,500,000 ක්
- ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ විජයදාස රාජපක්ෂ 1,345,000 ක්
- පොදු ජන පෙරමුණ නාමල් රාජපක්ෂ 454,285 ක්
- ස්වාධින අපේක්ෂක ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා 317,786 ක්
- ජන අරගල සන්ධානය නුවන් බෝපගේ 300,000 ක්
- ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක 256,802.34 ක්
- සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස 295,681.14 ක්
- ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ 179,691.66 ක්
මෙවර ජනාධිපතිවරණ අපෙක්ෂකයන් නාම යෝජනා බාර දෙන අවස්ථාවේ වත්කම් බැරකම් ප්‍රකාශන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කල පලමු අවස්ථාව මෙය බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා.
Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026