General12 September 2024

ජාතික පුස්තකාලයේ යකා නැටූ ජවිපෙ (වීඩියෝ)

දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් සංවිධාන කළ මහජන සම්මන්ත්‍රණයකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම පෙරමුණේ ජාතික සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

දේශප්‍රේමි ජාතික පෙරමුණ සංවිධාන කළ මහජන සම්මන්ත්‍රණයක් අද (12) පැවැත්වුණේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදීයි.

එහිදී පැවැති දේශනයක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අදහස් පළවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

දේශප්‍රේමි ජාතික පෙරමුණ චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

Related recommendation
Hiru TV News | Programmes