General29 September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.  

ඔහු මේ බව පැවසුවේ අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. 

එහිදී ඔහු කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි. 

පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේ නමුත් බේකරී වල තිබෙන නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව දැනගන්නට තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes