General03 October 2024

රහසඟ කපා මේසයක් උඩ තබා අවසන් ගමන් ගිය තරුණයා

හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අවාසනාවන්ත ලෙසින් සියදිවි නසාගැනීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක තරුණයෙක්.

ඔහු තම රහසඟ කපා මේසය උඩ තබා අනතුරුව ගෙල වැළලාගෙන තිබෙනවා.

ඔහු මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙම සියදිවි නසාගැනීම තමන් සිතාමතාම සිදුකරන බවත් එයට කාගේ හෝ මැදිහත්වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක්ද ලියා ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමදී හබරණ පොලිසිය සඳහන් කර සිටියේ.

මෘත ශරීරය මේ වන විට පොලොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes