ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.
තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
එසේම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැළපෙන පිරිස් පත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.
තම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටියා.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශීර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව ද අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

Latest News
හිරු CIA අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
Local
30 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : ප්‍රධාන ජේලර් සාක්ෂි දෙයි; මාධ්‍යයේ පලකිරීමෙන් වළකින්න - අධිකරණය
Local
30 July 2026
ඇසළ පොහොය දින බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකුණු ආපනශාලා 07ක් වටලයි
Local
30 July 2026
බෙල්ලන්විල, අවන්හල්හිමිකරු ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ඇතුළු දෙදෙනාට දින 90 ක රැඳවුම් නියෝග
Local
30 July 2026
පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්
Local
30 July 2026
චරිත් අබේසිංහ ඇප තබා එළියට එයි
Local
30 July 2026
නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්
Local
30 July 2026
2026 මුල් මාස 6 තුළ සුරාබදු ආදායම බිලියන 141.5 පනී : ඉලක්කය ඉක්මවා යයි
Local
30 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026