General23 October 2024

බංගලියන් යළි කැළඹෙයි

බංග්ලාදේශය තුළ නැවත වරක් ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා.

ඒ අනුව, එරට ශිෂ්‍ය කණ්ඩායම් සහ විරෝධතාකරුවන් විසින් එරට ජනාධිපති මොහොමඩ් ෂහබුදීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා ඇති අතර, කරුණු 05 කින් යුත් ඉල්ලීම් කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංග්ලාදේශයේ මෙලෙස යළිත් විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට ජනාධිපතිවරයා විසින් හිටපු අගමැතිනී ශෙයික් හෂීනා සම්බන්ධයෙන් පුවත්පතකට සිදුකර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙනයි.

එහිදී බංග්ලාදේශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිණිය ඉල්ලා අස්වූ බවට තමන්ට ඇසුනු බවත්, එය සනාථ කිරීමට තමන් කිසිදු සාක්ෂියක් නොදුටු බවයි.
Related recommendation
Hiru TV News | Programmes