General03 November 2024

විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් නොකරන බව රජය කියයි

දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes