General03 November 2024

අධිවේගී මාර්ග භාවිතය ප්‍රවේශමෙන්

අධිවේගී මාර්ග භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඒ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණය මතයි.

අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ පවසන්නේ පැයට කිලෝමීටර් 60ක වේග සීමාව පවත්වා ගැනීම සුදුසු බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes