General07 November 2024

අවුරුදු 10ක පිරිමි ළමයෙක් තමාට අතවර කළැයි ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් හඬා වැටෙයි (වීඩියෝ)

වයස අවුරුදු 10ක් වන පිරිමි ළමයෙක් තමාට අතවර කළ බවට කාන්තාවක් විසින් චෝදනා කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඇය බැංගලෝර්හි වීදියක ඇවිද යමින් සිටියදී අදාළ පිරිමි දරුවා විසින් තමාගේ පියයුරු ස්පර්ශ කළ බවටයි ඇය චෝදනා එල්ල කර ඇත්තේ.

අදාළ දරුවා පැමිණ තමාට 'හායි' කියා ආචාර කළ බවත්, පසුව එම ස්ථානයෙන් ඉක්මනින් පලා යාමට පෙර ඇයව අනිසි ලෙස ස්පර්ශ කළ බවත් ඇය පවසනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් යොමු කරමින් සංවේදීව ඇය සඳහන් කර සිටින්නේ බැංගලෝරයේ වීදිවල කාන්තාවන්ට ආරක්ෂාව නොමැති බවයි.

මේ වන විට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා.

නේහා බිස්වාල් නම් මෙම තරුණිය රාජකාරී අවසන් වී නිවස බලා යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේ ඇය වීඩියෝවක් පටිගත කරමින් සිට ඇති අතර මෙම සිදුවීමද තම කැමරාවේ සටහන්ව ඇති බවයි ඇය සඳහන් කර සිටින්නේ.

මෙම සිදුවීමෙන් පසුව පිරිමි ළමයා පැන යාමට උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තමාට ඔහුව අල්ලා ගැනීමට හැකි වූ බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම මොහු කුඩා දරුවෙකු නිසා FIR ගොනු කර ඔහුගේ අනාගතය තමාට විනාශ කිරීමට අවශ්‍ය නොවන බවත් නමුත් ඔහුට යම් ආකාරයක අවවාදයක් ලබා දී මින් පසු මෙවැනි ක්‍රියාවලට පෙළඹීම වළක්වා ගත යුතු බවත් ඇය සඳහන් කරනවා.


Related recommendation
Hiru TV News | Programmes