පසුගිය දින කිහිපයේම රටම කැලඹූ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබූ නිධන් කැණීමේ කටයුතු අද (23) පස්වරුවේ නවතා දමනු ලැබුවා.
එහිදී, නිධානය ඇති බවට කැණීම් සිදුකළ ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි රැසක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබූවද එතුළ තිබී කිසිවක් හමුනොවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද පස්වරුවේ එම ස්ථානයෙන් පාෂාණ කැබලි පිටතට ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය විශේෂ කාර්ය බලකාය විසින් පරිලෝකන පරීක්ෂාවකට ලක්කළ අතර එම ස්ථානයෙන් කිසිඳු දෙයක් සම්බන්ධයෙන් පරිලෝකන යන්ත්රයන් සඳහා යලි සංඥා ලැබීමක් සිදුව ඇත්තේ නැහැ.
අවස්ථා 10කදී පමණ විවිධ පිරිස් මෙම ස්ථානයේ නිදන් හැරීම හේතු කොට ගෙන ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මහජනතාව ඉදිරියේ මෙරට පළමුවරට රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත මෙලෙස නිධන් කැණීම සිදුකරනු ලැබුවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදුකරනු ලැබුවා.
එමෙන්ම ලබන අගහරුවාදා රජයේ අදාල පාර්ශවයන් විසින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියා.
කෙසේ වෙතත් වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද පරීක්ෂණ කර ඇතත් මෙහි නිධානයක් හෝ පුරාවස්තු නොමැති බව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනාරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පැවසුවා.

Latest News
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026