General02 December 2024

පොල් ගෙඩියක් 200ට නගී

වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බව පාරිභෝකයින් චෝදනා කරනවා.

එමෙන්ම වෙළෙඳපොළේ පොල් මිලද තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

ඒ අනුව, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක මිල රුපියල් 200ක් පමණ වන බවටයි වාර්තා වෙන්නේ.

එසේම ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතියි.

එමෙන්ම වෙළෙඳපොළ තුළ සහල් හිගයක් ද නිර්මාණය වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසැල් සහල් ලබාදෙන ප්‍රමාණය ද සීමා කර තිබෙනවා.

වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ වෙළෙඳපොළ තුළ රජයේ පාලන මිල ද ඉක්මවා සහල් අලෙවි කරන බවටයි.

පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම සාමාන්‍ය එළවළු අලෙවි කරන ස්ථානවලද මිලද ගණන් ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes