General15 January 2025

මාධ්‍ය නිදහස සුරකින්න; සිවිල් සංවිධාන ජනපතිට කියයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සහ සිවිල් සංවිධාන රැසක් සමග එක්ව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යෙමුකර තිබෙනවා.

ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව, සිවිල් සංවිධාන 24ක් එක්ව මෙම ලිපිය යොමු කර තිබුණා.

එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය, බියගැන්වීම් සහ මාධ්‍යවේදීන් මර්දනය වැනි ගැටලු‍වලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂන පනත වැනි මාධ්‍ය මර්දනය සඳහා ක්‍රියාත්මක පනත් අහෝසි කරන ලෙසද අදාළ ලිපියේ සඳහන්.




Related recommendation
Hiru TV News | Programmes