General23 January 2025

බේරේ වැවේ තාරාවුන් මියයයි

කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

වැව අසළ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත සේවකයින් ප්‍රකාශ කළේ වැවේ දුර්ගන්ධය අවම කිරීම සඳහා යෙදූ ද්‍රාවණයක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බවට සැකකරන බවයි.

මීට දින 05 කට පමණ පෙර කොළඹ මහනගර සභාව විසින් යෙදවූ සේවකයින් පිරිසක් වැවට අදාළ ද්‍රාවණය මුසුකළ බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ දක්වා තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබදව සොයාබැලීමක් කරන බවද ඔහු කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes