අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කට වඩා පහළට ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
ඉකුත් සතියේ අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
නමුත් පසුව ශ්‍රී ලංකා රජය සහ අදානි සමාගම යන දෙපාර්ශවයම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළා.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය අවලංගු නොකරන බවයි.
මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල සුළං විදුලිබලාගාර දෙකක් ඉදිකිරීම සඳහා අදානි සමූහයේ, ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගත වීම වෙනුවෙන් පසුගිය වසරේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ යටතේ අදානි සමාගම විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘති ප්රදානය කිරීම මත එකී ඉහළ ඒකක මිලක් ගෙවීම මතභේදයට තුඩු දී තිබෙනවා.
ඒ හේතුවෙන දැනට මෙම ව්‍යාපෘති දියත් කිරීම ඇණ හිට ඇති අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම මිල අඩු කරගත හැකි බවට විශ්වාස කරන බවයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස,
"අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට අරගෙන යන්න තමයි මේ සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. මං හිතන්නේ රජයක් හැටියට, රටක් හැටියට ඒක අපි අත්පත් කරගත යුතු තත්ත්වයක්. මේ ව්‍යාපෘතිය නෙමෙයි කැන්සල් වෙන්නේ. ව්‍යාපෘතියට 2022 තමයි මුලින්ම එකගතාවය පළකරලා, සාකච්ඡා ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපෘතියේ විදුලිය මිල දී ගැනීම සම්බන්ධව තමයි මේ සාකච්ඡාව දියත් වෙමින් තියෙන්නේ. අපි රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නවා රටට වාසියක් වෙන ආකාරයට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න. පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ. පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානය පමණක්ම නොවෙයි අපි සලකන්නේ, රයේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා. අපේ මැදිහත්වීම තියෙන්නේ මේක තව ප්‍රමාණයකට අඩුකරගන්න. අඩුකරගන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා." යැයි පැවසුවා.

Latest News
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026