General08 February 2025

පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට(වීඩියෝ)

මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ලබන මාර්තු මස මැදවන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

''පසුගිය දිනවලදී අපිට ණයවර ලිපි විවෘත කරන්න අවස්ථාව ලැබුණා. ණයවර ලිපි විවෘත කරලා අවසන්. අපිට තව සති දෙකක්, තුනක් වගේ කාලයක් යන කොට ලංකාවට පළවෙනි තොගය ගේන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා. එක එක ඒවාට රැවටෙන්න යන්න එපා.

25, 27 අතර විතර වෙනකොට ලංකාවට පළවෙනි තොගය එන්න පටන් ගන්නවා. මාර්තු මාසයේ මැද වෙනකොට සියලුම වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා අපි ගත්තොත් බස් රථ, කැබ් රථ, ලොරි, වෑන්, පොඩි කාර්, ජීප් කාර් ඒ සියලුම දේවල් සති දෙකක් තුනක් ඇතුලතදී ලංකාවට බලාපොරොත්තු පුළුවන්. ලක්ෂ 55, 60 වගේ රේන්ජ් එකට අපිට අඩුම වාහනයක් ගේන්න පුළුවන් වෙයි.''




Related recommendation
Hiru TV News | Programmes