General12 February 2025

සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් මියයයි

සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ (11) හොංකොංහිදී මියගොස් තිබෙනවා.

මියයන විට ඇය 65 හැවිරිදි වියේ පසුවිය.

ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ, ඇය දෙවරක් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත් බවයි.

සූපශාස්ත්‍ර කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ඇය පිලිපීනයේ උපත ලැබූ අතර, පසුව ඇයගේ පවුලේ අය සමඟ නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වී තිබෙනවා.

පසුව ඇය 1997 දී ඉතාලියට ගොස් ඇයගේ අවන්හලවන Cibo විවෘත කර තිබුණා.

එතැන් සිට පිලිපීනය පුරා ස්ථාන 30ක් දක්වා ඇයගේ අවන්හල් වර්ධනය වී තිබෙනවා.

කාබනික අමුද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කරන උසස් තත්ත්වයේ ඉතාලි සහ පිලිපීන ආහාර සඳහායි ඇය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes