General19 February 2025

''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසන බව ජාතික පුවත්පත් වාර්තාකර තිබුණා. 

පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව පවසා ඇත්තේ.

"මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි," යනුවෙනුයි ඇය පවසා ඇති බවයි ජාතික පුවත්පත් වාර්තාකර තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes