General19 February 2025

මාරකයක් වූ සෙල්ෆිය

දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට ගිය විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක්.

ඇය තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති අතර අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 53ක්.




Related recommendation
Hiru TV News | Programmes