General06 March 2025

උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි (වීඩියෝ)

හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 50 හැවිරිදි හම්බන්තොට - බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු පෙරේදා සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා භාරදී තිබෙනවා.

කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් උරණ වූ මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්යාලයේ පුටුවක් ගෙන මේසයට හා ජනෙල් වලට පහරදී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෙම පුද්ගලයා මානසික ආතතියෙන් පෙලී සිටින බවද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

  • Beta
Beta feature
Related recommendation
Hiru TV News | Programmes