General14 March 2025

ග්‍රාම නිලධාරීනියන් අද වැඩ වරයි

ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු මුල්කරගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 06 සිට උදෑසන 06 දක්වා ආපදා, මරණ ඇතුලූ සියලූ රාජකාරීවලින් ඉවත් වන බවයි මහනුවර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් සුදක්ෂි තිලකරත්න කියා සිටියේ.

මේ අතර, මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති කාන්තා දින වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවේ රාත්‍රී සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.


Related recommendation
Hiru TV News | Programmes