පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබෙනවා
මේ පිලිබඳ කම්කරු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට අලුතින් පත්කරන ලද දිලිනි නදීකා වටලියද්ද ශ්‍රී ලංකා කම්කරු අංශයේ දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති නිලධාරිනියක්.
ඇය ජාතික කම්කරු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද ,කම්කරු අමාත්‍යංශයේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතුකර ඇති ඇති අතර කම්කරු අමාත්‍යංශයේ සහකාර සහ නියෝජ්‍ය කොමසරිස්වාරියක ලෙස හා තවත් තවත් තනතුරු රැසක වසර විස්සක පමණ අදාල ක්ෂේත්‍රයේ වෘතීය අත්දැකීම් බහුල නිලධාරිනියක වනවා .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඇය කම්කරු අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ලබා තිබෙනවා.
කාන්තා අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ඔස්ට්‍ර්ලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා ඇති ඇය ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) එක්සත් රාජධානියේ වේල්ස්හි කාඩිෆ් දකුණු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබෙනවා.

Follow US

Most Viewed Stories