General21 March 2025

ගුවන් හමුදාවට අයත් පුහුණු යානයක් වාරියපොළ ප්‍රදේශයේදී කඩා වැටෙයි(වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.

දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ.

එය කඩා වැටෙන මොහොතේ නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් පාදෙණිය ප්‍රදේශයට බැස තිබුණා.

ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළේ. 

පොල්වත්තක් වෙත කඩා වැටුණු මෙම ගුවන් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes