General29 March 2025

මෙක්සිකානු ජනාධිපතිනිය ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් හමුවෙයි

මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම්, ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සංක්‍රමණ, ආරක්ෂාව සහ දෙරට අතර සහයෝගීතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

මෙක්සිකානු ජනාධිපතිනිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු නිවේදන සමඟ ලොව වෙළඳ යුද්ධයක් ආරම්භ වී ඇති අවස්ථාවක එම ආතතීන් මධ්‍යයේ මෙක්සිකෝව සහ ඇමරිකාව අතර යහපත් සබදතාවක් ගොඩනැගී ඇති බවයි.

එමෙන්ම, ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් හා සිදුවූ හමුව ඉතාමත් ඵලදායී එකක් වූ බවටද ඇය වැඩිදුරටත් සදහන් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes