General07 April 2025

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා අනූව පෙන්වා දෙනවා.

මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙන බවයි.
Related recommendation
Hiru TV News | Programmes