General01 May 2025

ඩීසල් මිල අඩු වුවද බස්ගාස්තු අඩු නොවන බව බස් සංගම් කියයි

ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස්ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති බවයි.

මේ අතර, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes