යුද ජයග්‍රහණයට 16 වසරක් සපිරෙන අද (18) දින සේනාධිනායක වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොතැබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවදානයට ලක්ව තිබෙනවා.
නමුත් හෙට (19) පැවැත්වෙන ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා එක්වීමට තීරණය කර ඇති බවට මේ වනවිට වාර්තා පළවනවා.
කෙසේ වෙතත් ජනපතිවරයා මෙම සැමරුමට සහභාගී නොවීමේ තීරණයක් ගැනයි මීට පෙර වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් එල්ල කළ බව දකින්නට ලැබුණා.
යුද ජයග්රහණයෙන් පසුව මෙරට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් සිය අදහස් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කොට තිබුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සමාජමාධ්‍ය ඔස්සේ මේ ගැන අදහස් දක්වා තිබෙනවා.
වසර 30ක යුද්ධයෙන් සහ ත්‍රස්තවාදී සංවිධානයකින් අපගේ මව්බිම හා ජනතාව උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ මධ්‍යම කඳුකරය එකම ධජයක් යටතේ එක්සත් කර බේරාගෙන අදට වසර 16ක් ගත වී අවසන්.
ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලුම සොල්දාදුවන්ට අපගේ ආචාරය සහ ගෞරවය ලෙස එහි සටහන් තබා තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් සිය සමාජමාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තැබීමටයි කටයුතු කර ඇත්තේ.
මේ රටේ සෑම පුරවැසියෙකුටම මරණ බියෙන් තොරව, ආරක්ෂිතව සහ මව්බිමේ සෑම අඟලකම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම, දශක ගණනාවක් තිස්සේ අප සාමූහිකව දුටු සිහිනයක්.
ජනතාවගේ නායකයෙකු ලෙස මම එය පෞද්ගලිකව දුටු සිහිනයක් යනුවෙන්ද එහි සඳහන්.
මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි.
මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි යනුවෙන්ද එහි සටහන තබා තිබෙනවා.
මේ අතර පක්ෂ නායකයින් රැසක්ද ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව දකින්නට හැකියි.
Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026