General25 September 2025

ඔක්තෝම්බර් පළමුවනදා සිට බස්නාහිර පළාතේ බස් ටිකට්පත් අනිවාර්යයි

ලබන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ගාමිණි ජයසිංහ කියා සිටියේ, එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම මගීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේමල මගී බස් රථවලට ජී.පී.එස් යන්ත්‍ර සවිකිරීම මෙන්මල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකමද මෙම වසර අවසානයට පෙර හඳුන්වාදෙන බවද සභාපතිවරයා සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes