International01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට

පිලිපීනයේ, සෙබු නගරයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුවීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම භූකම්පනයෙන් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

භූමිකම්පාව සිදුවී ඇත්තේ ඊයේ (සැප්තැම්බර් 30) එරට වේලාවෙන් රාත්‍රී 10:00ට පමණ (GMT 14:00) Cebu City වෙරළට ඔබ්බෙන්.

මේ හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට හානි සිදුවී තිබෙනවා.

පිලිපීන භූ විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය (The Philippine Institute of Volcanology and Seismology) පවසා ඇත්තේ "සුළු මුහුදු මට්ටමේ වෙනස්වීම් හේතුවෙන් ඇති වූ බලපෑම් බොහෝ දුරට පහව ගොස් ඇති" බැවින් සුනාමි සම්බන්ධයෙන් නිවේදනය අවලංගු කර ඇති බවයි.
Related Recommends
Hiru TV News | Programmes