General25 December 2025

දික්වැල්ලේදී බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: රියදුරෙකුට බරපතලයි - බස් රියදුරු පලායයි

දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හඳපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද දහවල් 01:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වන අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු වහාම රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්, පලාගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes