ඉන්දියාවේ මුම්බායි නගරයේදී ඇමරිකානු සංචාරක කාන්තාවකගෙන් මීටර් 400ක ඉතා කෙටි දුරක් සඳහා ඉන්දීය රුපියල් 18,000ක (ඩොලර් 200ක) අතිවිශාල මුදලක් අය කළ කුලී රථ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශ්රාජ් යාදව් නමැති 50 හැවිරිදි මෙම රියදුරා, පසුගිය දා(27) ඡත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට අසල පිහිටි හිල්ටන් හෝටලය දක්වා මෙම සංචාරක කාන්තාව රැගෙන ගොස් තිබුණා.
ආර්ජන්ටිනා අරියානෝ නමැති මෙම කාන්තාව තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කිරීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
එහිදී ඇය සඳහන් කළේ රියදුරා සහ තවත් පුද්ගලයෙකු තමා මුලින්ම නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් මෙම මුදල අය කළ බවයි.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ රියදුරා එම කාන්තාව විනාඩි 20ක් පුරා අන්ධේරි ඊස්ට් ප්‍රදේශයේ රවුම් කර, නැවතත් ඇය යා යුතුව තිබූ ස්ථානයටම ගෙනවිත් දමා ඇති බවයි.
MH 01 BD 5405 දරණ වාහනය පැදවූ මෙම රියදුරාව පැය තුනක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
මේ වන විට භාරතීය න්‍යාය සංහිතා (BNS) යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම වංචාවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා සෙවීම සඳහා දැනට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026