General07 February 2026

සූරියකන්ද හිටපු ඕ.අයි.සී. ඇතුළු දෙදෙනාට ඇප

සූරියකන්ද, ලක්බේරිය ප්‍රදේශයේදී මස් පිණිස ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔවුන් අද (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මොවුන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පසුව රත්නපුර කොට්ඨාසය වෙත මාරුකර යවා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes