General08 February 2026

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

රස්නායකපුර පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවලට තමන්ට අභියාචානාධිකරණය මගින් නියම කළ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියෝගය නීතියට පටහැනි බව පවසමින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසි දෙනෙකු ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව විත්තිකරුවන් විසිදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කර ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම යළි තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය විත්තිකරුවන්ට නියම කොට ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම් බලාත්මක කිරීමටයි නියෝග කළේ.

කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ එවකට හිටපු උපසභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ එවකට හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසි දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබූණා.

දැදුරුඔයේ වැලි ජාවාරමේ නියැලුනු මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම පහරදීම සිදු කලේ 2006 වසරේ මාර්තු මස 3 වන දින වන අතර, ඒ අනුව විත්තිකරුවන්ට දඬුවම් නියමවූයේ සිද්ධියෙන් වසර 22ට පසුවයි.
Related recommendation
Hiru TV News | Programmes