International20 February 2026

ඉන්දියාව 'පැක්ස් සිලිකා' ගිවිසුමට අත්සන් තබයි

තාක්ෂණික සහ ආර්ථික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින් ඉන්දියාව අද (20) අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ PAX SILICA (පැක්ස් සිලිකා) ගිවිසුමට සහ කෘත්‍රිම බුද්ධි සැපයුම් දාම වැඩසටහනට නිල වශයෙන් එක්වුණා.

ඒ ඉන්දියාවේ INDIA AI IMPACT සමුළුව අතරතුරදී ගිවිසුමකට අත්සන් තැබීමත් සමගයි.

PAX SILICA (පැක්ස් සිලිකා) යනු අමෙරිකාවේ ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිවාදියා වන චීනයෙන් එල්ලවන දැඩි තරගකාරීත්වය මැද කෘත්‍රිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීමට අරමුණු කරගත් මුලපිරීමක්.

දැනටමත් ඉන්දියාවේ චිප් නිෂ්පාදන මධ්‍යස්ථාන 10 ක් පමණ ඉදිවෙමින් පවතින අතර, මෙම ගිවිසුම හරහා අමෙරිකානු තාක්ෂණය සහ ආයෝජන තවදුරටත් එරටට ගලා ඒම සිදුවනවා.
Related recommendation
Hiru TV News | Programmes