අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් වහලය (ස්ලැබ්) මත ඉතා සූක්ෂ්ම ලෙස වගා කර තිබූ ගංජා පැල තොගයක් සහ වියළි ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.
අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හබරකඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, නිවසක කොන්ක්‍රීට් වහලය මත බඳුන්වල වගා කර තිබූ ගංජා පැල 39ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මීට අමතරව එම ස්ථානයේම තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 90ක ප්‍රමාණයක් ද භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 43 යන වයස්වල පසුවන හබරකඩ ප්‍රදේශයේම පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026