General17 March 2026

මාර්තු මාසයට ගෑස් හිඟයක් නැහැ - තවත් ගෑස් නෞකාවක් හෙට හෝ අනිද්දා දිවයිනට

මාර්තු මාසය සඳහා අවශ්‍ය එල්.පී. ගෑස් (LP Gas) දැනට පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ මොහොතේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

තවත් මෙට්‍රික් ටොන් 33,000 ක ගෑස් තොගයක් ඉදිරි දින දෙක ඇතුළත බලාපොරොත්තු වන බව‍යි ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes