International20 April 2026

අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

අමෙරිකානු සම්බාධක නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එරට නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා.

ඊයේ (19) පස්වරුවේ Truth Social හි සටහනක් තබමින් ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියා.

ඕමාන් බොක්කේදී (Gulf of Oman) යාත්‍රා කරමින් තිබූ “TOUSKA” නම් ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය තම භාරයට ගෙන ඇත. "එය ඔවුන්ට එතරම් හොඳ අත්දැකීමක් වුණේ නැහැ," යනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් ට්‍රම්ප් එහි සටහන් කර තිබෙනවා.

මෙම නෞකාව අඩි 900ක් පමණ දිගින් යුක්ත වන අතර එය බරින් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට සමානයි.

USS Spruance යුද නෞකාව විසින් එය වටලා නතර කරන ලෙසට "සාධාරණ අනතුරු ඇඟවීම්" ලබා දී තිබෙනවා.

නමුත් ඉරාන කාර්ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව, නාවික හමුදාව එම නෞකාවේ "එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර සිදුරක් ඇති කර" ඇති බවයි වාර්තා වෙන්නේ.

දැනට ඇමෙරිකානු මැරීන් භටයින් (U.S. Marines) විසින් නෞකාවේ පාලනය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes